Thursday, July 03, 2025
Follow Us
‘මහමැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවනවා’

පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

රාජගිරියේදී අද(19) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ එසේ කීහ.

එහිදී අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේද පැවසූහ.

‘සුළු ජාතික ඡන්දවලින් හැර අපේ රටේ ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ කියා මිත්‍යා මතයක් තිබුණා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමඟ එය මිත්‍යාවක් බවට පත්වුණා. දැන් හොඳ නායකත්වයත් තියෙනවා. මහමැතිවරණයෙන් පසු හොඳ ඇමැති මණ්ඩලයක් සමඟ හොඳ ගමනක් යන්න පුළුවන්. රට ගෙනියන්න හොඳ නායකත්වයක් තියෙනවා. ඒ නිසා අපේ සංවිධානය මීට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මහ මැතිවරණයෙන් පසු සංවිධානය විසුරුවා හරිනවා‘ යැයිද සඳහන් කළහ.

(Lanka Leads)