Wednesday, October 23, 2024
Follow Us
යුධ හමුදාපතිට වසරක සේවා දිගුවක්!

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට 2021 ජනවාරි 30 දක්වා සේවා දිගුවක් ලබා දී තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම සේවා දිගුව ලබා දී තිබුණි.

2019 ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ශවේන්ද්‍ර සිල්වා මහතාට එම සේවා දිගුව ලබා දීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

එළඹෙන දෙසැම්බර් මස 31 වැනිදායින් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධූර කාලය අවසන් වීමට නියමිතව පැවතුණි.

මේ අතර යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතාටද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාස 06ක සේවා දිගුවක් ලබා දී ඇත.

ඒ අනුව ඔහුට පසුගිය 14 වැනි දින සිට එම සේවා දිගුව ලබා දී තිබේ.

(LNW)