Saturday, April 27, 2024
Follow Us
රතන හිමි‍ගේ සටනට වියලේන්දිරන් එක්වෙයි

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියලේන්දිරන් මහතා මඩකළපුව ගාන්ධි උද්‍යානයේදී උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ මහනුවර දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය පළ කරමිනි.

දෙමළ ජාතික සන්ධානයෙන් පසුගිය මහ මැතිවරණයට තරග කර මඩකළපුව දිස්ත්‍රික්කයෙන් පාර්ල‍ිමේන්තුවට තේරී පත් වූ වියලේන්දිරන් මහතා පසුව ඒකාබද්ධ විපක්ෂය හා එක්විය.

මුස්ලිම් අන්තවාදීන්ට සහයෝගය දක්වන අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන පුද්ගලයන් එම තනතුරවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් මන්ත්‍රීවරයා අද පෙරවරුවේ මෙම උපවාසය ආරම්භ කර තිබේ.

(LNW)