Wednesday, October 23, 2024
Follow Us
තන්තිරිමලේ වෙඩි තැබීමක්!

ජන්දය ප්‍රකාහ කිරීම සඳහා ජනතාව ප්‍රවාහනය කරමින් තිබූ බස් රථ කිහිපයක් එල්ලකරමින් තන්ත්රිමලේ ප්‍රදේශයේදී වෙඩි තබා ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට ඉන්දියාවේ NDTV .වාර්තා කර තිබේ.

එම ප්‍රහාරයන්ගෙන් අවම වශයෙන් බස් රථ දෙකකටවත් හානි ඉදු වී ඇති බවයි පොලීසිය සඳහන් කර ඇත්තේ.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූවන පිළිබඳ වාර්තා නොවන අතර ප්‍රහාරකයින් බස් රථ ගමන්කරමින් සිටි මාර්ගයේ ටයර් පුළුස්සා මාර්ග බාධක යොදා තිබුණු බවද එම මාධ්‍ය වාර්තාවේ දැක්වෙයි.

වෙරළබඩ නගර ප්‍රදේශයක් වන පුත්තලමේ සිට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා මන්නාරම දක්වා යමින් සිටියදී බස් රථ වලට එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

එම බස් රථ වල ගමන් කර ඇත්තේ මුස්ලිම් ජාතිකයන්ය.

කඩිනමින් ක්‍රියාත්මකව ඇති පොලීසිය විසින් මාර්ග බාධක ඉවත් කර දමා බස් රථ වලට ගමන් කිරීම සඳහා මාර්ගය යථා තත්ත්වයට පත්කර ඇති බවද එහි දැක්වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවද පොලීසියට උපදෙස් දී තිබුණේ ජන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන මාර්ග බාධක ඉවත් කරන ලෙසයි.

(LNW)