Saturday, May 10, 2025
Follow Us
අද මධ්‍යම රාත්‍රීයේ සිට අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළට

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළ දමා ඇත.

රුපියල් 10ත් 20ත් අතර අගයකින් බස් ගාස්තු පහළ දමා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මාකඹුර ගාල්ල අතර රුපියල් 420ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 410ක් ලෙස සංශෝධනය කර ඇති අතර මාකුඹුර මාතර අතර රුපියල් 530 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 520 ක් වෙයි.

කඩවත කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගය අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමත් සමග අධිවේගී මාර්ග ගාස්තු සංශෝධනය වූ බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.

(Aruna)