Wednesday, October 23, 2024
Follow Us
මැතිවරණ පැමිණිලි 3905 ක් වාර්තා වෙයි!

ජනාධිපතිවරණයට අදාළව ඔක්තෝම්බර් 08 සිට පසුගිය 14 වැනිදා දක්වා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3905 ක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

පැමිණිලි අතරින් වැඩි ප්‍රමාණයක් නීති උල්ලංඝනය කිරීම් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 3771කි. සමස්ත ප්‍රචණ්ඩ ක්‍රියා 27 වාර්තා වී ඇති අතර වෙනත් පැමිණිලි 107 ක් ලෙස වාර්තා වී ඇත.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1137ක් වන අතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2768කි.

ගත වූ පැය 24 ක කාලය තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය ට හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 84කි. එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය වීම් වන අතර ඉන් පැමිණිලි 25ක් ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටය. සෙසු පැමිණිලි 59 වාර්තා වන්නේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙනි.

(LNW)