Saturday, May 10, 2025
Follow Us
මෙවර සාපෙළ ලියන සිසුන්ට සිහිකැදවීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සදහා සිහි කැදවීමක් කරමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේදී විභාග ප්‍රවේශපත්‍රය සමග අනන්‍යතාව තහවුරු කිරීම සදහා පිළිගත් ලේඛණයක් අනිවාර්ය බවයි එමගින් සිහිපත් කර ඇත්තේ. ජාතික හැදුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය පිළිගන්නා ලේඛණ බවද මෙම නිවේදනයේ සදහන් වනවා.

කිසියම් අපේක්‍ෂකයෙකුට අනන්‍යතාව තහවුරු කිරීම සදහා එවැනි පිළිගත් ලේඛණයක් නොමැති නම් ඔවුන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් ඡායාරූපය ද සහිතව පෞද්ගලික දත්ත ඇතුළත් කර නිකුත් කරන ලිපිය ඉදිරිපත් කළ හැකියි. ඒ අනුව අනන්‍යතාව තහවුරු කිරීම සදහා පිළිගත් ලේඛණයක් නොමැති නම් පුදගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා මගින් මෙම ලිපිය ලබාගැනීමට කටයුතු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ට දැනුම් දෙනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 2 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඊට පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් ගණන 717,008 ක්.

(Neth)