Wednesday, October 23, 2024
Follow Us
රටෙන් භාගයක් දියවැඩියාවට ගොදුරු වීමේ අවදානමක්

2050 වසර වන විට මෙරට ජනගහනයෙන් හරි අඩක් දියවැඩියාවට ගොදුරු වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිදුකළ පරීක්ෂණවලදී මෙම කරුණු අනාවරණ වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

අදට යෙදෙන ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය මේ බව සඳහන් කළ අතර මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20 % ක් දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින බවද පවසා සිටියේය.

එය එම සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තා පෙන්වා දෙන අතර සීනි මට්ටම ඉහළ යාම තුළ ජනතාව දියවැඩියා රෝගයට ගොදුරු වන බව එම වාර්තා අවධාරණය කරයි.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ලෝකයේ කොතැනකදී හෝ තත්ත්පර 8 කට වරක් එක් දියවැඩියා රෝගියෙකු මරණයට පත්වන බවය.

එමෙන්ම සෑම පවුලකම එක් අයෙකු දියවැඩියා රෝගයට ගොදුරු වන තරමටම තත්ත්වය දරුණු වෙමින් පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
අධික සීනි සහ පිටි සහිත ආහාර භාවිතයෙන් වැළකීම, සිරුරට ව්‍යායාම ලබාදීම, ඖෂධ භාවිතයට වඩා චර්යාත්මකව සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම වැනි කාරණා දියවැඩියා රෝගය වළක්වා ගැනීමට වඩාත් හේතුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

(Lanka Leads)