Wednesday, October 23, 2024
Follow Us
නිහඬ කාලය ආරම්භවීමත් සමග රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී තිබූ කාලය අවසන් වී නිහඬ කාලය ආරම්භවීමත් සමග රට පුරා විශේෂ ආරක්ෂක මෙහෙයුම් ද ආරම්භ කෙරෙන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ මේ වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි කැරලි මර්දන නිලධාරීන් ද අනියුක්ත කරන බවයි.

ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමතර පොලිස් මාර්ග බාධක යෙදවීමට ද කටයුතු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ක්‍රියාත්මක සම්පූර්ණ ආරක්ෂක වැඩපිළිවෙල සඳහා අනියුක්ත කර සිටින මුළු පොලිස් නිලධාරීන් ගණන 60,175 දෙනෙකු බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවා.

(neth)