Wednesday, October 23, 2024
Follow Us
සජිත්ගේ ඉල්ලීමකට අනුව ගෝඨාභයගේ පුරවැසිභාවය මුල් කරගෙන උපවාසයේ නිරත හිමිනම උපවාසය අවසන් කරයි

ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය බව තහවුරු කළ යුතු යැයි පවසමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් නිදහස් චතුරශ්‍රයේ ආරම්භ කළ උපවාසය අද (14) අළුයම අවසන් කරනු ලැබුවා.

ඒ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උන්වහන්සේගෙන් සිදුකළ ඉල්ලිමකින් අනතුරුවයි.

මැද කොළඹ පැවති අවසන් ජන රැළිය ඇමතිමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් උපවාසය සිදුකරමින් සිටි නිදහස් චතුරශ්‍රය වෙත පැමිණියා.

එසේ පැමිණි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උන්වහන්සේ ගෙන් ඉල්ලා සිටියේ ආරම්භ කර ඇති උපවාසය අවසන් කරන ලෙසට තමන් ගෞරව පුර්වකව ඉල්ලා සිටින බවයි.

ඉන් පසුව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් පැමින උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරිමෙන් අනතුරුව "සුවසැරිය" ගිලන් රථයකින් රෝහල කරා රැගෙන යනු ලැබුවා.

(Neth)