Wednesday, October 23, 2024
Follow Us
රණවිරුගාය වැලඳුන පිරිස් ලංකාවට…

මේ වනවිට රණවිරුගාය වැලඳුන විශාල පිරිසක් මව්බිමට පැමිනෙමින් පවතින අතර සති අන්තය වනවිට තවත් විශාල පිරිසක් පැමිණීමට නියමිතය. ශ්‍රීලංකන් ගුවන්සේවය, එමිරේට්ස්, ෆලයි ඩුබායි, එයා ඇරබියා, ඕමාන් එයා ආදී ගුවන් සේවා මගින් ඔවුන් එක්සත් අරාබි එමීරයෙන් පැමිනෙමින් ඇත.

මෙම සියලු කටයුතු සංවිධානය කරමින් විශාල කැපකිරීමක් කළ උපාලි විජේරත්න මහතා හැගීම්බර වෙමින් පවසා සිටියේ තමාට වයස අවුරුදු 12 ගතවෙද්දි තම පියා යුධහමුදා ක්‍රියාන්විතයකින් මිය ගිය බවත්, යුද්ධයේ අදුරු සෙවනැලි තම මතකයට නැනෙ බවත්, රට ජාතිය රැකිිය හැකි එකම නායකත්වය තෝරා ගැනීම වෙනුවෙන් මෙලෙස මව්බිමට පැමිණි බවය.
විදෙස්ගත තම මිතුරන් 50ක පමණ කණ්ඩායමක් එක්කර ගනිමින් ඒ වෙනුවෙන්ම සූදානම් කළ ටී ෂර්ට් පැලඳ සිටින ඡායාරූප දකින කාගේත් දෙනෙතට කඳුලක් එක්වනවා නොවනුමානය.

එමිරේට්ස් ගුවන් සේවයෙන් ප්‍රථමයෙන්ම සහන මිළකට ගුවන් ටිකට්පත් නිකුත් කළ අතර අනෙකුත් ගුවන් සේවා විසින්ද තම සේවාවන් වල මිළ තරඟකාරීව ලබාදෙන ලද බව පසුගිය දිනවලදී දක්නට ලැබුණි. එමිරේට්ස් ගුවන්සේවයේ කාර්‍යක්ෂමතාවය කෙසේද යත් ඡනාධිපතිවරණයේ මඩ ප්‍රචාරයන්ටද ඔවුන් විසින් පසුගිය දිනවල ප්‍රතිචාර දක්වා තිබුණි.

“අපි මෙවර ඡන්දෙට එන්න සෑහෙන උවමනාවකින් කල් තියාම සුදානම් වුනා. ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීමටත් පෙර අප ගුවන් සමාගම් සමග අඩුමිලට ගුවන් ගමන්පත් ගැනීම පිළිබඳව සාකඡා කළා. ඩුබයිහි කොන්සියුලර් ජනරාල් කාර්‍යාලයද අපට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඒ නිසා මේ වන විට විශාල පිරිසකට මව්බිමට තම යුතුකම් ඉටු කිරීමට පැමිණීමට හැකිව තියෙනව. ඒ ගැන අපිට සතුටුයි” යනුවෙන් නම සඳහන් කිරීමට අකමැති අඩු මිළට ගුවන් ගමන්පත් ලබා ගැනීම පිණිස වෙහෙසවූ පුද්ගලයෙකු පැවසීය.

(Lanka Leads)