Wednesday, October 23, 2024
Follow Us
යුද සමයේ LTTE සහ CBK අතර ලිපි 42 ක් හුවමාරු වෙලා !

1994 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව එල්ටීටීඊ සංවිධානය සහ තමා අතර ලිපි 42 කට ආසන්න ප්‍රමාණයක් හුවමාරු වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසනවා. එම ලිපි තවමත් තමා සතුව තිබෙන බවත් ඒවා ඉදිරියේදී ප්‍රසිද්ධියට පත් කිරීමට සූදානම් බවත් ඇය පෙන්වා දෙනවා.

හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ (12) යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති රැස්වීමක් අමතමිනි.

තමා ජනාධිපති ධුරයට පත්වී මාස කිහිපයක් ඇතුළත එල්ටීටීඊ සංවිධානය සාමයේ මාවතට ගෙන ඒමට සමත් වූ නමුත් සාම සාකච්ඡා පැවැත්වීමට හැකිවූයේ මාස අටක් පමණක් බවයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පෙන්වා දෙන්නේ. ඉන් අනතුරුව නැවතත් එල්ටීටීඊ සංවිධානය යුද්ධය සඳහා අවතීර්ණ වූ බව ද ඇය පවසනවා.

සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුර මෙන්ම යුද්ධය පවතින වකවානුවේදීද තමා හා එල්ටීටීඊ නායකයා අතර මෙම ලිපි හුවමාරුව සිදුව තිබේ.

(LNW)