Wednesday, October 23, 2024
Follow Us
මුස්ලිම් ජනතාව බහුල ප්‍රදේශයක බෝම්බ පිපිරීමේ අවධානමක් - ඉන්දීය බුද්ධි අංශත් තහවුරු කරයි

1994 සහ 1999 වසරේ ජනාධිපතිවරණ සමයේ පැවති දැඩි අවධානම් සහගත තත්ත්වය මේ වන විට මෙවර ජනාධිපතිවරණයේත් මතුව ඇති බව බුද්ධි අංශ තහවුරු කරගෙන ඇතැයි වාර්තා වෙයි.

මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන වැලිගම,බේරුවල,දර්ගා නගරය ඇතුළු ප්‍රදේශයන්හි අවධානම් සහගත තත්ත්වයක් පවතින අතර එය බලපෑම් සහගත පිපිරීමක් විය හැකි බවද බුද්ධි අංශ වාර්තා කර තිබේ.

ඉන්දීය බුද්ධි අංශත් මෙය තහවුරු කර ඇති බව සඳහන්.

මේ අනුව මෙරට සිටි හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වන සුරේෂ් සලේ මහතාද අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත් බවද අප වෙත වාර්තා විය.

විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව අතර බිය ඇති කර ඔවුන් ජන්ද පොළට යැවීම වැලැක්වීමත් සිංහල බෞද්ධ ජනතාව අතර යළිත් වටයකින් පසුගිය පාස්කු ප්‍රහාරය සිදු වූ සමයේ ඇති වූ මුස්ලිම් විරෝධී මානසිකත්වය යළි වර්ධනය කර සිංහල බෞද්ධ ජන්ද පදනම වෙනසකට ලක්කිරීමත් මෙහි අවශ්‍යතාව විය හැකි බව බුද්ධි අංශ අනාවරණ කර ගෙන ති බවයි කියවුණේ.

මේ වන විටත් සියලුම ආරක්ෂක රැකවල් තහවුරු කර තිබෙන අතර විශේෂයෙන් හෙට දිනයේ ජනාධිපතිවරණයේ අවසන් රැළි පැවැත්වෙන හෙයින් ආරක්ෂක අංශ දැඩි අවධානයකින් පසුවන බවයි වාර්තා වූයේ.

(LNW)