Monday, August 17, 2026
Follow Us
රාජිතගේ සුදුවෑන් මාධ්‍ය හමුව ගැන පොලිස් පරීක්ෂණ

අමාත්‍ය රාජිත සේනාරත්නගේ මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගී වූ සුදු වෑන් රථ රියදුරෙකු සහ සුදුවෑන් රථයකින් පැහැර ගත් බව කියන පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් ද පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව ඇති බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡුාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ද අදහස් පළ කළා.

මේ අතර මෙම සතිය තුළ විවිධ මඩ ප‍්‍රචාර දියත්විය හැකි බවයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ප‍්‍රකාශ කළේ.

(Neth)