Tuesday, October 22, 2024
Follow Us
ඉල් පුන් පොහොය අදයි

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස, ධර්ම ප්‍රචාරයේ යෙදුණු ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

අවබෝධ කර ගත් ධර්මය ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කරන්නැයි වදාරා, බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සැට නමක් ගම් නියම් ගම්වෙත පිටත්කර හැරියේ අද වැනි පුර පසළොස්වක පොහෝ දිනකදීයි.

උරුවෙල් දනව්වේදී බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයින් ඇතුළු පිරිසට ධර්මය දේශනා කළේ ද ඉල් පුර පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

මෛත්‍රී බෝධි සත්ත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම ද අද වැනි පොහෝ දිනක සිදු වු අසිරිමත් සිද්ධියකි.

වප් පොහෝ දින පෙරවස් පවාරණය කළ උපසපන් භික්ෂූන්ට කඨින චීවර පූජා කිරීමේ චීවර මාසය නිමාවන්නේද ඉල් පුර පසළොස්වක පොහෝ දිනයෙනි.

එමෙන්ම පසු වස් සමාදන් වූ උපසපන් භික්ෂූන් ඉල් පොහෝ දිනයේදී වස් පවාරණය කරයි.

(Lanka Leads)