Tuesday, October 22, 2024
Follow Us
භික්ෂුණීන්ගේ ඡන්ද හිමිකම නැත්තේ ඇයි.?

භික්ෂුණීන් වහන්සේලාට 2019 ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිත කළ හැකිවන පරිදි හඳුනාගැනීමේ පත්‍රයක් මැතිවරණ කොමිෂන් සභාව මගින් සකස් කර දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලිමක් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට භික්ෂුණීන් වහන්සේලා 8000කට පමණ හැඳුනුම් පත්‍රයක් නොමැතිවීම හේතුවෙන් ඡන්දය භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.

මෙම කණ්ඩායම වෙත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙතින් ”භික්ෂුණීන්” ලෙස සඳහන් කරමින් හැඳුනුම් පත් නිකුත් නොකිරීම සහ මොවුන් බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් “භික්ෂුණීන්” ලෙස ලියාපදිංචි නොකිරීම මෙම ගැටලුවට හේතුවී ඇත.

මෙම භික්ෂුණීන් වහන්සේලා මේ වනවිට භාවිතා කරන හඳුනාගැනීමේ පත්‍රයක් උපයෝගී කර ගනිමින් ඡන්දය සඳහා හැඳුනුම්පතක් මැතිවරණ කොමිෂන් සභාව විසින් සකස් කරන්නේ නම් ඔවුන්ගේ ඡන්ද හිමිකම තහවුරු කළ හැකිබව මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

(Lanka Leads)