Tuesday, October 22, 2024
Follow Us
සජිත්ට සහය දෙන්න තීරණය කළාට දෙමළ සන්ධානයට එරෙහිව ව්වනියාවේදී විරෝධතාවයක්

ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය ගත් තීරණයට විරෝධය පළ කරමින් වව්නියාවේදි උද්ඝෝෂණයක් සිදු කෙරුණා. මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් විසින්. දෙමළ ජනතාවට අපේක්‍ෂිත කිසිදු සහනයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගෙන් හිමි නොවුනු ඇතැයි උද්ඝෝෂකයන් පැවසුවා. එසේ තිබියදීත් දෙමළ ජාතික සන්ධානය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට තීරණය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ඔවුන් අවධාරණය කළේ.

මේ අතර ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය ගත් තීරණය සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද මීට පෙර විරෝධය පළ කළා. ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී තමන් දෙමළ ජාතික සන්ධානයේ තීරණය අනුව කටයුතු නොකරන බවයි ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ.

- NethNews -