Saturday, May 10, 2025
Follow Us
ජනාධිපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ගින්නක්-යතුරු පැදි 47ක් විනාශ වෙයි

ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනය තුළ හදිසි ගින්නක් හටගෙන තිබේ.

ඊයේ(10) රාත්‍රී 10.00ට පමණ කොළඹ 01, මුදලිගේ මාවතේ පිහිටි වාහන අංගනය තුළ මෙම ගින්න හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කළේය.

කොළඹ ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩපවත්වා ඇති අතර ඒ සඳහා ගිනි නිවිමේ රථ 05ක් යොදාගෙන තිබේ.

ගින්නෙන් වාහන අංගනයේ තිබු යතුරු පැදි 47ක් සහ ත්‍රිරෝද රථයක් විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

(Lanka Leads)