Tuesday, October 22, 2024
Follow Us
ගෝඨාට එරෙහිව මඩ පත්‍රිකා බෙදද්දී අතටම අහුවෙයි – ඇමැති හර්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස මුද්‍රණය කළ අත් පත්‍රිකා තොගයක් බෙදා හැරීමේ නිරතව සිටි අයකු අල්ලාගැනීමෙන් පසු අදාළ නියෝගය දුන් ඇමැති හර්ෂ ද සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අතඩංගුවට ගෙන ඇත.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ දැන්වීම් අතර තිබුණු එම පත්‍රිකා තොගය හමු වූයේ නුගේගොඩ මිරිහාන ප්‍රදේ්ශයේ නිවෙස් වෙත බෙදාහරිමින් තිබියදීය.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් (10) නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ මුද්‍රණාලයක් සෝදිසි කළ අතර ඒ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස පත්‍රිකා මුද්‍රණය කරන බවට ලද පැමිණිල්ලකට අනුවයි.

(Lanka Leads)