Tuesday, October 22, 2024
Follow Us
අධිවේගයේ නව ගාස්තු නිකුත් කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට හම්බන්තොට දක්වා වූ දිගුව සහ පිටත වටරවුම මාර්ගයේ කඩවත සහ කෙරවලපිටිය අතර කොටස මේ වනවිට රථවාහන ධාවනය සඳහා විවෘත කර තිබෙනවා.

ඒ සදහා අය කරන ගාස්තු ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා. ඊට අනුව බරවකුඹුක සහ හම්බන්තොට අතර අධිවේගී මාර්ගයේ ධාවනය වන සියළු වාහන එක් කාණ්ඩයක් සේ සළකා ගාස්තු නියම කර තිබෙනවා.

ඊට අනුව සූරියවැව සහ බරවකුඹුක අතර කොටසේ රථ වාහන ධාවනයට අය කෙරෙන ගාස්තුව රුපියල් සියයක්. මත්තල සහ බරවකුඹුක අතර රථ වාහන ධාවනයට රුපියල් 200 ක ගාස්තුවක් අය කෙරෙනවා. හම්බන්තොට සිට බරවකුඹුක දක්වා අය කෙරෙන්නේද රුපියල් 200 ක ගාස්තුවක්.

මත්තල සහ සූරියවැව අතරත් හම්බන්තොට සහ සූරියවැව අතරත් රථ වාහන ධාවනයට රුපියල් 100 ක ගාස්තුවක් නියම කර තිබෙනවා. පිටත වටරවුම මාර්ගයේ ධාවනය වන රථ වාහන සදහා ගාස්තු අය කරන ආකාරයද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් නිකුත් කර තිබෙනවා.

ඒ, වාහන කාණ්ඩ 3 ක් යටතේයි. ඊට අනුව සැහැල්ලූ වාහන ඇතුළත් වන කාණ්ඩ අංක එක යටතේ ජාඇල සහ කටුනායක අතර රථ වාහන ධාවනයට අය කෙරෙන ගාස්තුව රුපියල් 150 ක්.

කෙරවලපිටිය සහ කටුනායක අතර කාණ්ඩ අංක එක යටතේ වන රථ වාහන ධාවනය සදහා රුපියල් 250ක ගාස්තුවක් අය කෙරෙන අතර කඩවත සහ කටුනායක අතර සැහැල්ලූ වාහන ධාවනයට අය කෙරෙන ගාස්තුව රුපියල් 350 ක්.

ගොඩගම සහ කෙරවලපිටිය අතර සැහැල්ලූ වාහන ධාවනයට අය කෙරෙන ගාස්තුව රුපියල් 1000 ක් වනවා. මෙම ගාස්තු ඇතුළත් සම්පූර්ණ ලේඛණ බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියේ දැක්වෙනවා.

මේ අතර බරවකුඹුක සිට හම්බන්තොට දක්වා වූ දිගුව විවෘත කෙරුණද එම මාර්ගයේ තවත් අදියරක වැඩ අවසන් නොවීම හේතුවෙන් එම දිගුව සහ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර, ගොඩගම කොටස මෙතෙක් සම්බන්ධ කර නැහැ.

(Neth)