Tuesday, October 22, 2024
Follow Us
දිල්ලි දුම ලංකාවේ වාහනවලට තහංචි දායි

මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යාමේ තත්ත්වය දිගින් දිගටම පැවැතියහොත් අධික වශයෙන් දුම් පිටකරන වාහන නගරවලට ඇතුළු වීම වැළැක්වීම පිළිබඳව රජයේ පරිසර අංශවල අවධානය යොමුවී ඇත.

ඉන්දියාවේ සිට හමාගෙන ආ බවට සැලකෙන දූවිලි වලාව හේතුවෙන් ඉකුත් අඟහරුවාදා සිට වාතයේ අඩංගු අංශුමය ද්‍රව්‍ය දෙතුන් ගුණයකින් වරින් වර ඉහළ යමින් පවතී.

මේ පිළිබඳව, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආයතන කීපයක ප්‍රධානීන් කරන ලද සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ දූවිලි වලාවේ බලපෑමට අමතරව, මෙරට වායු දූෂණය වන ක්‍රමද යම් පාලනයක් සිදු කළ යුතු බවය.

ඒ අනුව, කර්මාන්තශාලාවලින් වායු ගෝලයට මුදා හරින දුම් ප්‍රමාණය අවමකිරීම, මුඛ ආවරණ පැලඳීම යන කරුණු පිළිබඳවද රජයේ පරිසර හා සෞඛ්‍ය අංශවල අවධානය යොමු වී ඇත.

(Aruna)