Tuesday, October 22, 2024
Follow Us
කෝකිලායි වනය විනාශ කරන සජිත්ගේ කොන්ත්‍රාත්තුව අධිකරණයෙන් අත්හිටුවයි

කෝකිලායි කලපුව ආශ්‍රිතව පවතින මහවැලි එච් කලාපයට අයත් භූමියක් එළි කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභායකදී එම වනය එලි කීරීම් වලක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ( 06) නියෝග කෙරෙණි.

මහවැලි කලාපයට අයත් අක්කර 12000 පමණ ප්‍රදේශයකින් අක්කර 200 පමණ මේ වන විට කිසියම් පිරිසක් විසින් එළිකර තිබෙන අතර මෙම එළි කරීම් සදහා මුලතිව් දිසාපතිවරයා අවසර ලබාදී තිබෙන අතර මේ පිළිබදව කිසිදු අවස්ථාවක මහවැලි අධිකාරියෝ මහවැලි නිළධාරීන් දැනුවත් කර නොතිබිණි.

මෙම වන විනාශ නිසා ප්‍රදේශයේ ජනතාවට විශාල ලෙස පීඩා වන බවත් මෙම වනයේ සිටින වල් අලින් පවා මෙම වනය හෙලි පෙහෙලි කිරීම නිසා ගම් වදින බවත් එම නිසා මෙම ක්‍රියාව නතර කිරීමට පියවර ගන්නා ලෙස ගම් වාසීන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා අධිකරණයෙන් ඉල්ල සිටින ලදී.

අදාල අධිකරණ නියෝගයෙන් පසුව ලංකා සී වොයිස් වෙත අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් චෝදනා කලේ වත්මන් රජයේ මැදිහත්වීමෙන් මෙම ක්‍රියාව සිදුකරන බවයි. මෙය වත්මන් ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ව්‍යාපෘතියක් බවත් එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දක්වන සහ මුදල් වියදම් කරන පුද්ගලයෙකු හට මෙම කොන්ත්‍රාත්තුව ලබාදී තිබෙන බවද ගම්වාසීන් චෝදනා කරන ලදී.

නඩු විභාය ලබන 20 වන දා යලි කැදවීමට තීරණ කරන ලදී.

(Lanka Leads)