Friday, March 29, 2024
Follow Us
කැළණිය සරසවියේ පීඨ 3 ක් ලබන සඳුදා යළි ඇරඹේ

කැළණිය විශ්ව විද්‍යාලයේ වසා දැමුණු පීඨ වලින් පීඨ 3 ක් එළඹෙන සඳුදා යළි විවෘත කරන බව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පවසනවා. විද්‍යා, වාණිජ හා කළමණාකරණ සහ තොරතුරු තාක්ෂණ පීඨයන් එලෙස විවෘත කරන බවයි එම විශ්ව විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ පැවසුවේ.

කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියලුම පීඨයන් වසා දැමීමට තීරණය කෙරුණේ එම විශ්ව විද්‍යාලයේ නව ආරක්ෂක වැඩපිළිවෙලට ශිෂ්‍ය කණ්ඩායමකින් එල්ල වූ බාධාවක් හේතුවෙන්. වසා දැමුනු පීඨවලින් පීඨ තුනක සිසුන් නව ආරක්ෂක වැඩපිළිවලට එකගතාව පළකර තිබෙනවා. කෙසේ වෙතත් මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පීඨවල සිසුන් මෙතෙක් නව ආරක්ෂක වැඩපිළිවෙලට එකගතාව පළකර නොමැති බැවින් එම පීඨ නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

(Neth)