Tuesday, March 10, 2026
Follow Us
ගෝඨාට මඩ ගැසූ පුවත සොයන්න මැකෝ රූපවාහිනියට කඩා පනියි… රූපවාහිනිය තුළ උණුසුම් තත්ත්වයක්.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කරන ලද අසත්‍ය චෝදනා ඇතුළත් මඩ ප්රවෘත්තියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ඒ ගැන සෙවීම සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන් රූපවාහිනි වෙත පැමිණ ඇත.

මෙම හේතුවෙන් මේ වන විට රූපවාහිනී පරිශ්‍රය තුළ යම්කිසි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවද වාර්තා වේ.

(Lanka Leads)