Tuesday, October 22, 2024
Follow Us
කැන්වසින් යන්න පුලුවන් උපරිම 11 යි - පොලීසියෙන් නිවේදනයක් !

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් වෙනුවෙන් ගෙයින් ගෙට ගොස් ඡන්දදායකයන් දැනුවත් කිරීමේ කටයුතු සඳහා සහභාගි විය හැකි උපරිම ආධාරකරුවන් ප්‍රමාණය 11 දෙනෙකු බව පොලීසිය පවසනවා. ඊට වැඩි ප්‍රමාණයක් සහභාගි වුවහොත් මැතිවරණ පනතට අනුව එය නීතිවිරෝධී පෙළපාළියක් ලෙස සළකන බවත්, එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඔවුන් අතැති පත්‍රිකාවල මුද්‍රණය කළ පුද්ගලයාගේ නම සඳහන් වීම අනිවාර්ය බවත්, එම අත් පත්‍රිකා මහමග ප්‍රදර්ශනය කිරීම නීතිවිරෝධී බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

නීතිවිරෝධී පෝස්ටර්, බැනර්, කටවුට් ඉවත් කිරීම සඳහා තාවකාලික කම්කරුවන් 1661 දෙනෙකු මේ වනවිට සේවයේ යොදවා සිටී. දිවයින පුරා පොලිස් ස්ථානවලට සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත ඔවුන් අනුයුක්ත කර තිබේ.

මේ වනවිට මැතිවරණයට සම්බන්ධ පැමිණිලි 139 ක් ලැබී ඇති අතර ඊට අදාලව සැකකරුවන් 55 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

(LNW)