Saturday, January 31, 2026
Follow Us
“බුල්බුල්” චණ්ඩ වන ලකුණු – ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණෙන් දැනුම්දීමක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුල්බුල්” සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයේ ලබන 11 වනදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

මේ වන විට “බුල්බුල්” සුළි කුණාටුව, උතුරු අක්ෂාංශ 14.7ත් නැගෙනහිර දේශාංශ 89.3ත් ආසන්නයේ පවතී.

එය ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන්කර බංගලාදේශ වෙරළ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි, ඉතා තද සුළං සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

(Aruna)