Saturday, May 10, 2025
Follow Us
චරිත රත්වත්ත උඩුදුම්බර හිමියන්ගෙන් MCC ගිවිසුමට සංශෝධන ඉල්ලයි

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්. සී. සී.) ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක් කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත අග‍්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ මහතා මිලේනියම් චැලෙන්ජ් සහයෝගිතා ගිවිසුමෙහි පිටපතක් ඉදිරිපත් කර තිබේ.

රත්වත්තේ මහතා ඉල්ලා ඇත්තේ ගිවිසුමෙහි රටට අයහපත් යෝජනා ඇත්නම් ඒවාට සුදුසු සංශෝධන ඉදිරිපත් කරන ලෙසය.

චරිත රත්වත්තේ මහතා උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත යොමු කළ ලිපියේ මෙසේද කියා ඇත.

මිලේනියම් චැලේන්ජ් (සහශ‍්‍ර අභියෝග) සහයෝගීතා ගිවිසුමෙහි පිටපතක් මේ සම`ග ඔබ වහන්සේ වෙත ශාසනාලයෙන් යුතුව එවමි. අපගේ මාතෘ භූමියට අයහපතක් වේ යැයි ඔබවහන්සේට හැෙ`ගන යම් කරුණු එහි ඇත්නම්. ඒ කරුණු පිළිබඳ සිදු කළ යුතු සංශෝධන පිළිබඳව ඔබ වහන්සේගේ යෝජනා මා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු මැනවි.

ඔබ වහන්සේගේ උපවාස භූමියේ ප‍්‍රදර්ශනය කර තිබුණේ ‘‘මිලේනියම් නගර සංවර්ධන සහයෝගිතා සැලැස්මට’’ එරෙහිව උපවාසයේ යෙදෙන බව වුවද, එහි නිවැරදි නම ‘‘ සහශ‍්‍ර අභියෝග සහයෝගීතා ගිවිසුම’’ බව ද සැළකුව මැනවි.

(Lanka Leads)