Friday, January 02, 2026
Follow Us
මුහුදේ කාලගුණය පිළිබද තවදුරටත් අවධානයෙන් සිටින්නැයි ධීවර හා නාවික ප‍්‍රජාවට උපදෙස්

ඌව සහ නැගෙනහිර පළාත්වලට අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලට හෙට දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

මේ අතර, බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින් ධීවර හා නාවික ප‍්‍රජාව ඒ පිළිබද අවධානය යොමු කළ යුතු බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර පැවසුවේ.

(Neth)