Tuesday, October 22, 2024
Follow Us
2005 - 2015 සමයේ මර්දනයට ලක් වූ මාධ්‍යවේදීන්ට වන්දි !

2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ එවක පැවති පාලනයේ මැදිහත්වීම මත හිරිහැරවලට සහ පීඩාවට ලක් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අදාල සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවට වන යෝජනාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. ඒ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීමක් මතයි.

මේ වනවිට අදාල කාල සීමාව තුළ පීඩාවට පත් මාධ්‍යවේදීන් 78 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව ඔවුන්ට සිදු වූ හානියට වන්දි මුදල් ගෙවීමට නියමිතය.

(LNW)