Thursday, March 28, 2024
Follow Us
ජනතා ප‍්‍රශ්නවලට විපක්ෂ නායකගෙන් ඔම්බුඞ්ස්මන්වරයෙක්

රජය හා පෞද්ගලික අංශය මඟින් 2015 සිට මේ දක්වා සිදු කොට ඇති වංචා-දූෂණ, නීති විරෝධී කි‍්‍රයා, දේශපාලන පළිගැනීම් හා අනිකුත් සියළුම අකටයුතුකම් පිළිබඳ පැමිණිලි භාර ගැනීමේ ඔම්බුස්මන්ට් කාර්යාලයක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කර ඇත.

එහිදි තමන්ට සිදුවී ඇති ඕනෑම අසාධාරණයක්, වංචාවක්, දූෂණයක් හෝ මූල්‍ය අවභාවිතයක් සම්බන්ධ සියළු තොරතුරු මෙම ඔම්බුස්මන්ට් කාර්යාලය වෙත ඉදිරිපත් කරන මෙන් විපක්ෂ නායකවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව ලබන මස 03 වන දින විපක්ෂ නායක කාර්යාලයේදී මෙම ඔම්බුස්මන්ට් කාර්යාලය ආරම්භ කරන බවත් සතියේ දිනවල උදේ 9.00 සිට මධ්‍යම රාතී‍්‍රය දක්වා තොරතුරු ඉදිරිපත් කල හැකිබවත් විපක්ෂනායකවරයා සඳහන් කරයි

(Lanka Leads)