Saturday, May 10, 2025
Follow Us
දිවයිනට ඊසාන දෙසින් අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී

දිවයිනට ඊසාන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඉදිරි පැය 6 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බවයි.

මේ, හේතුවෙන් එම මුහුදු ප‍්‍රදේශයේ තද වැසි සමග තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ මුහුදු ප‍්‍රදේශ මේ හේතුවෙන් රළු විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප‍්‍රජාවට දැනුම් දෙන්නේ.

මේ අතර අද පස්වරු 1.00න් පමණ පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව යන පළාත්වල මෙන්ම කුරුණෑගල, මඩකලපුව සහ අම්පාර යන දිස්ති‍්‍රක්කවලට වැසි ඇති විය හැකි බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

(Neth)