Tuesday, October 22, 2024
Follow Us
උ/නැ වෙනම පාලනයකට සිවාජිලිංගම් ජනමත විචාරණයක් ඉල්ලයි

උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ ජනමත විචාරණයක් අවශ්‍ය බව ජනාධිපති ධුර අපේක්‍ෂක එම්. කේ. සිවාජිලිංගම් ප‍්‍රකාශ කර ඇත.

නව ජනාධිපතිවරයකු පත්වී තෙමසක් තුළ ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීම් ඉටුනොකළහොත් මෙම ජනමත විචාරණය පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බව පැවසූ සිවාජිලිංගම් සිංහල නායකයන් සියලූ දෙනාම ද්‍රවිඩ සමූලඝාතනයට වගකිවයුතු බව පවසා තිබේ.

යාපනයේදී කරුණු දැක්වූ සිවාජිලිංගම් ජනාධිපති අපේක්‍ෂක ලෙස බලය ලබාගැනීමට කි‍්‍රයාකරන බව තහවුරු වී ඇතැයි කීවේය.

(Lanka Leads)