Tuesday, October 22, 2024
Follow Us
‘‘අපි ගැන වචනයක්වත් නෑ’’- ජනපති අපේක්‍ෂකයන්ගේ ප‍්‍රතිපත්ති ගැන වන්නිලෑ ඇත්තෝ කනගාටුවෙන්

”දේශපාලනඥයන් අපිව පාවිච්චි කරන්නේ පෙරහැරේ අරන් යන අලි වගේ. පෙරහැරට අලි හොඳට අන්දලා විදුලි බුබුළු දාලා සරසලා වැඳ නමස්කාර කරලා, ගාම්භීර ලෙස අරගෙන යනවා.

හැබැයි පෙරහැර ඉවර වුණාම අර අලි ගැන සොයා බැලිල්ලක් නෑ. ඉන්නවාද නැද්ද කියලා මතකවත් නෑ. ඊළඟ පෙරහැරට තමයි අලි ආපහු ඕන වෙන්නේ. දේශපාලනඥයින් අපිව පාවිච්චි කරන්නෙත් ඔන්න ඔය විදියටමයි. මේ කාලේ රටේ ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගන්න ලොකු සටනක් තියෙනවා. මේ සැරේ සටනට අපේක්ෂකයන් 35 ක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ කිසිම කෙනෙක් ළඟවත් ආදිවාසී පරම්පරාවේ සුරක්ෂාව වෙනුවෙන් මම මේ මේ වැඩපිළිවෙළ අනුගමනය කරනවා කියලා ප‍්‍රතිපත්තියක් ඇතුළත් කරලා නෑ. රටේ පැරණිම ජන කොට්ඨාසයේ ජන නායකයා හැටියට මම ඒ ගැන කනගාටු වෙනවා” යැයි විශ්ව කීර්ති වනස්පති ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලෑ ඇත්තෝ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති අපේක්ෂකන් පිළිබඳ මාධ්‍ය වෙත අදහස් ප‍්‍රකාශ කරමින් දඹාන කොටබකිණිය ආදිවාසී ගම්මානයේදී පැවසීය.

ආදිවාසී වන්නිලෑ ඇත්තෝ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

(Lanka Leads)