Tuesday, October 22, 2024
Follow Us
සම්බන්ධන්ට සෙරෙප්පු ප්‍රහාරයක්…සජිත්ට සහයෝගය දෙන්න ගත් තීරණයට ජනතාවගෙන් බලු බැනුම්

අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඊයේ (3 වැනිදා) සවස දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ දේශපාලනඥයන් වෙත සෙරෙප්පුවකින් පහරදීමට උත්සාහ කරනු ලැබීය.

ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනුම්දීම වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍ය කාරක සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිස රැස්වීම පැවැත්වූ ස්ථානයෙන් පිටවීමේදී සම්බන්ධන් ඇතුළු පිරිස වෙත සෙරෙප්පුවෙන් පහරදීමට අතුරුදන්වූවන්ගේ ඥාතීන් උත්සාහ කර තිබේ. කෙසේ වෙතත් පොලීසිය මැදිහත්ව එය වළක්වා ඇත.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් පැවැසුවේ සම්බන්ධන් දෙමළ ජනතාවගේ ඡන්දයෙන් පත්වී දෙමළ ජනතාවගේ ගැටලු අමතක කොට දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් රටේ ජනාධිපතිවරුන් පත්කිරීමේ උත්සාහයක නිරත වන බවයි. දෙමළ ජනතාවගේ ගැටලු අමතක කොට කටයුතු කරමින් දේශපාලන වාසි ලබාගන්නා පුද්ගලයන් වෙනුවෙන් සෙරෙප්පුවෙන් පහරදිය යුතු බවත්, සම්බන්ධන් ඇතුළු දෙමළ නායකයන් බල්ලන්ට වඩා පහත් පිරිසක් වන බවත් අදාළ පිරිස පැවැසූහ.

(Lanka Leads)