Tuesday, October 22, 2024
Follow Us
සම්බන්ධන්ගේ – විග්නේශ්වරන්ගේ කුල වාදයට තිත.. උතුරේ ජනතාව ගෝඨා ඉල්ලයි

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන හමු විශාල ප්‍රමාණයක් උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබයි.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැලියක් පැවැත්විය.

එහිදී අදහස් දැක්වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා…

උතුරේ නායකයින් අහිංසක ද්‍රවිඩ ජනතාවගේ ශක්තිය මත ලබා ගන්නා මන්ත්‍රීධුර මගින් මන්ත්‍රී වරප්‍රසාද භුක්ති විදින නමුත්, එම බලය ලබාදුන් දුප්පත් ජනතාවට කිසිදු උපකාරයක් කරන්නේ නැහැ.

පෙළපාලි,හර්තාල්, උපවාස,වර්ජන සහ සත්‍යග්‍රහ වලට ජනතාව පොළඹවමින් ජනතාව අපහසුතාවයට පත් කරව.

අහිංසක දුප්පත් ජනතාවගේ ඡන්දයෙන් තේරීපත්වන මන්ත්‍රී පදවිය මගින් සියලු වරප්‍රසාද භුක්ති විදිමින් ජාති භේද අවුස්සමින් ඒ දුප්පත් ජනතාව තවත් අඳුරු අගාධයකට ඇද දමනු ලබයි.

දැන් උතුරේ ද්‍රවිඩ ජනතාව මේ පිළිබඳව තේරුම් ගෙන ඇත ද්‍රවිඩ ජනතාව දුප්පත් භාවයේ සදාකාලිකව ගිල්වා දැමීමට ජාති කුල ආගම් භේද ඉස්මතු කරන ක්‍රියාමාර්ග ඔවුන් පිළිපදින්නේ ද නැත.

නිදහස ලබා වසර 70 ක් පමණ ගතවූ දීර්ඝ කාලය තුළ සිදු වූ මේ කෛරාටික උපක්‍රම දැන් ද්‍රවිඩ ජනතාව හඳුනා ගනිමින් සිටී. මෙවර උතුරේ ජනතාවගේ ඡන්ද බලය හිමි වන්නේය සටන් පාඨ වලට නොව සංවර්ධන වැඩපිළිවෙලටයි.

දකුණේ මෙන්ම උතුරේ ද වේගවත් සංවර්ධනයක් කළ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය ඔවුන් නැවතත් ඉල්ලා සිටියි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට උතුරේ ජනතාවගේ දායකත්වය ඒකාන්තයෙන් ලැබෙනවා.

කිසිම රජයකින් නොකෙරුණු දැවැන්ත සංවර්ධනයක් හා රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ද්‍රවිඩ ජනයාට ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බවත්,උතුරේ ද්‍රවිඩ ජනතාවට එය තේරුම් ගියේ පසුව බවත්,එනිසා මේ වන විට උතුරේ ජනතාව විශාල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්වීමට අත්වැල් බැඳගන්න බව රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේය.

(Lanka Leads)