Tuesday, October 22, 2024
Follow Us
ඡන්ද පොලවල් වලට බුර්කා ඇදුමින් සැරසී යෑම තහනම්

ජනාධිපතිවරණය පැවැත්වෙන නොවැම්බර් 16වනදා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොලවල් වලට යෑමේදී බුර්කා ඇදුමින් සැරසී යෑම තහනම් කෙරේ.

මැතිවරණ රාජකාරියෙහි යෙදී සිටින නිලධාරීන් සහ ඡන්ද පොළ නියෝජිතයන් ට හඳුනාගැනීමට පහසු වීම පිණිස මෙසේ බුර්කා ඇදුම් තහනම පනවා ඇති බව මැතිවරණ කොමිසන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.

ඡන්දය පාවිච්චි කිරීමට පැමි‍ණෙන ඡන්දදායකයන් ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීම්ක් සිදුනොවන බැවින් බුර්කා ඇඳුමෙන් සැරසී ඡන්දපොළට පැමිණීම තහනම් කිරීමෙන් ආරක්ෂක අංශවල නිලධාරීන්ටද පහසු වන බව සඳහන් වන අතර බුර්කා තහනම පිළිබඳ ඡන්දදායකයින් දැනුවත් කිරීම ඉදිරියේදී සිදුවීම්ට නියමිතව ඇතැයි ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.

(Lanka Leads)