Tuesday, October 22, 2024
Follow Us
අයහපත් කාලගුණය ගෑස් නැවටත්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගෑස් රැගත් නෞකාවලට වරාය පර්යන්තවලට ළඟාවීමේ අපහසුතාවය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළේ මතුව ඇති එල්.පී. ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා පවතින ගෑස් හිඟය තවදුරටත් පවතිනු ඇතැයි ගෑස් සමාගම් අනතුරු අඟවයි.

දිවයින පුරා පවතින ගෑස් හිඟය ඊයේ (01 වැනිදා) වනවිට අවසන් කිරීමට හැකිවනු ඇතැයි ගෑස් සමාගම් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී විශ්වාසය පළ කළේය.

සෞදි අරාබියාවේ ගෑස් පිරිපහදුවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සහ තවත් හේතු කිහිපයක් නිසා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ගෑස් බෙදාහැරීම ප්‍රමාද වී ඇත. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගෑස් රැගෙන එන නෞකාවලට පර්යන්ත දෙකට ළඟාවීමට නොහැකි වී ඇති බවද ලිට්රෝ සමාගම සඳහන් කරයි. සාමාන්‍යයෙන් ගෑස් මෙට්‍රික් ටොන් 900ත් 950ත් අතර පැවති ඉල්ලුම මේ වන විට මෙට්‍රික් ටොන් 1300 දක්වා වැඩිවී ඇති බවද එම සමාගම අවධාරණය කර සිටියි. ලාෆ් ගෑස් සමාගමට පසුගිය සතියේ ගෑස් රැගත් නෞකාවක් පැමිණි අතර එම ගෑස් මේ වනවිට වෙළෙඳපොළට නිකුත් කර ඇත.

(Aruna)