Saturday, May 10, 2025
Follow Us
ඡන්දය දෙන්න විදේශගතව සිටින 180000ක් එන බව තහවුරු කරලා

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ අසූ දහසක් දිවයිනට පැමිණීමට එකඟත්වය පළකර ඇති බව මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ සම්බන්ධීකරණ කටයුතු කරන මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ජනාධිපතිවරණයට පෙර ලක්ෂ දෙකක ලාංකිකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බවයි.

වැඩිම පිරිසක් මැදපෙරදිගින් පැමිණෙන අතර, ඉතාලිය හා ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බ්‍රිතාන්‍යය ආදී රටවල රැකියාවල නියුතු හා පදිංචි ලාංකිකයන් මෙසේ පැමිණීමට එකඟත්වය පළකර ඇත. මැදපෙරදිගින් හා ඉතාලියෙන් වෙනම ගුවන් යානා වෙන් කරගෙන ශ්‍රී ලාංකිකයන් පැමිණීමට නියමිත බවද ජයසුමන මහතා පැවසීය.

(Aruna)