Monday, January 05, 2026
Follow Us
කංජිපානි ඉම්රාන් යළි රිමාන්ඞ්

මාකදුරේ මධූෂ් සමග ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් ලබන 15 වනදා දක්වා අද (01) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

කංජිපානි ඉම්රාන් විදේශ රටක සිටියදී දුරකථන ඇමතුම් මගින් පොලිස් නිලධාරියකුට මරණීය තර්ජන කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී ඔහු යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මෙහිදී නියෝග කෙරුණේ. සිද්ධියට අදාළ රස පරික්ෂකවරයාගේ වාර්තාව පොලිසිය වෙත ලබා දෙන ලෙසටද මෙහිදී නියෝග කෙරුණා.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදාහැරීමට කෙසෙල්වත්ත පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුට ඇමතුමක් ලබාදෙමින් මරණීය තර්ජන කළේ යැයි කියන සිද්ධියට කංජිපානි ඉම්රාන් මෙලෙස චෝදනාවට ලක්ව සිටිනවා.

(Neth)