Wednesday, May 15, 2024
Follow Us
MCC ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව කාදිනල් හිමිගේ විරෝධය

මෙරට දැඩි ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

මෙම ගිවිසුම හරහා මෙරට භූමියෙන් 20%කට ආසන්න වන කොටසක ඇමෙරිකානු එක්සත් ජනපද ආධාර මගින් ක්‍රියාත්මක වන ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමට නියමිතය.

මෙම ගිවිසුමේ අඩංගු කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ඒකීයභාවයට හානියක් යැයි කියමින් එය අත්සන් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කිහිපවරකදීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මේ අතර ජනාධිපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් කරන බවට අගමැති රනිල් වක්‍රමසිංහ මහතා විසින් කළ ප්‍රකාශයත් සමග අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් නිවේදනයක් නිකුත් කර නිමින් සදහන්කර ඇත්තේ රටට අහිතකර මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්නේනම් රටේ සමස්ත පොදු මහජනයා ජනතාවගේ අනුමැතියද අවශ්‍ය බවය.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති මෙවන් මොහොතක මෙම ගිවිසුම අත්සන් කිරීමට යුහුසුලු නොවී ඉදිරියේදී මේ සම්බන්ධව තීරණයක් ගැනීම සදහා කටයුතු කරන ලෙස උන්වහන්සේ එම නිවේදනය මගින් අවධාරනය කර ඇත.

(Lanka Leads)