Wednesday, May 15, 2024
Follow Us
දයාන් තානාපති තනතුර අවභාවිතා කරලා… තානාපතිකම ගලවන්නැයි මැතිවරණ නිරීක්‍ෂකයෝ දන්වති

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා රාජතාන්ත්‍රිකයෙකුට නුසුදුසු අයුරින් කටයුතු කරන බැවින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරන්නේ ඔවුන් සඳහන් කරන්නේ දයාන් ජයතිලක මහතා රාජතාන්ත්‍රිකයෙකුට නුසුදුසු අයුරින් සමාජ මාධ්‍ය උපයෝගීකර ගනිමින් ජනාධිපතිවරණ ප්‍රචාරයේ යෙදෙන බවය.

ඔහුගේ සමාජ ජාල ගිණුම් මගින් ජනාධිපති අපේක්ෂකයෙකු සදහා ප්‍රචාරක කටයුතු සිදු කරන බවත් තානාපතිවරයෙකුට එවැනි අයිතිවාසිකම් සදහා ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන නොමැති බැවින් සේවයෙන් පහ කිරීමේ නෛතික බලයද හිමි බව මැතිවරණ නිරීක්ෂණ දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වේ.

(Lanka Leads)