Saturday, May 10, 2025
Follow Us
පැෆරල් සංවිධානය සමෘද්ධි අධ්‍යක්ෂකට එරෙහිව නඩු දමයි

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සහ අලුතින් සමෘද්ධි සහනාධාර කාඩ්පත් බෙදාදීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් (පැෆරල්)සංවිධානය කියයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵල මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙන බවද ඒ අනුව ඒවා මුල්කර ගනිමින් නඩුපවරන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය.

(Lanka Leads)