Tuesday, October 22, 2024
Follow Us
නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීම ඇරඹේ - තැපැල්පති නිවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි

ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීම ප‍්‍රධාන වශයෙන් අද (28) ආරම්භ වුණා. තැපැල්පති රංජිත් ආරියරත්න ප‍්‍රකාශ කළේ ඉකුත් සෙනසුරාදා ඡන්ද පත‍්‍රිකා බෙදාහැරීම මූලික වශයෙන් ආරම්භ කෙරුණද ප‍්‍රධාන වශයෙන් මෙම කටයුතු සිදුවන්නේ අද සිට බවයි.

තැපැල්පති රංජිත් ආරියරත්න ඉල්ලා සිටියේ ඡන්ද පති‍්‍රකා බෙදාහැරීම සඳහා නිවෙස්වලට තැපැල්කරුවන් පැමිණෙන විට එම නිවෙස්වල සිටින සුනඛයින් බැඳ තබන ලෙසයි. ඉකුත් මැතිවරණවලදී ද ඡන්ද පති‍්‍රකා බෙදීම සඳහා නිවෙස්වලට පැමිණෙන තැපැල්කරුවන් සුනඛයින්ගේ සපාකෑම්වලට ගොදුරු වූ බවයි තැපැල්පතිවරයා ප‍්‍රකාශ කළේ.

(Neth)