Tuesday, October 22, 2024
Follow Us
IS අනුගාමිකයන් කැළඹේ – බුද්ධි අංශ විමසිල්ලෙන්

ISIS නායක අබු බකර් අල් බක්ඩාඩි ඝාතනය වී ඇති බවට වාර්තා වීමෙන් පසු එම මතධාරීන් අතර කැළඹීමක් සිදුව ඇති බව වාර්තා වේ.

එහෙයින් ඔහුගේ අනුගාමිකයන් විසින් කුමන හෝ ආකාරයක ප්‍රතිප්‍රහාර එල්ලකිරීමේ අවධානමක් මතුව ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ලෝකයේ වෙනත් රටවල් සිය රටේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙන බවද විදෙස් වාර්තා සදහන් කරයි.

ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් පසු ඉස්ලාම් අන්තවාදී හැසිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ද තර්ජනයක් පවතින හෙයින් තවදුරටත් ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සංධිස්ථානය පසුවන මොහොතක කුමන ආකාරයක හෝ අනතුරුදායක දෙයක් සිදුවුවහොත් එය දේශපාලනික කැළඹීමක් වන හෙයින් රට පුරා ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයකින් පසුවන
ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලැබී ඇති බවද වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ සම්බන්දයෙන් ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ බුද්ධි අංශ මේ පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවය.

(Lanka Leads)