Wednesday, February 11, 2026
Follow Us
අයි එස් තර්ජන ගැන 2015 සිට කතා කළා – ජාතික බුද්ධි ප‍්‍රධානියා සියල්ල හෙලිකරයි

මෙරට ස්ථාන කිහිපයක ප්‍රහාර මාලාවක් සිදුවිය හැකි බවට ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අප්‍රේල් 09 වනදා වනවිට ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුවද ත්‍රස්ත ප්‍රහාරය එල්ල වනතෙක් ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවූයේ නැති බව ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (29) අනාවරණ කළේය.

ඒ අද සාක්ෂි විමසීම ආරම්භ කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර රැස්වූ අවසන් ආරක්ෂක මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පෙබරවාරි මස 19 වනදා වන බවද ඔහු මෙහිදී අනාවරණ කර සිටියේය.

(Lanka Leads News)