Tuesday, October 22, 2024
Follow Us
පාස්කු කාරක සභාව ගැන විශ්වාසයක් නෑ…බදුර්දීන් සහ හකීම් නීතිය හමුවට පමුණුවන්න.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ තේරීම් කාරක සභාව පිලිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ඊයේ(24) කැඳවා තිබු මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ කාරක සභික රවුෆ් හකීම් කරුණු වසන් කර ඇති බවය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ද ත්‍රස්තවාදීන්ට සහයෝගය දුන් රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, අසාද් සාලි අද සජිත් ප්‍රේමදාස වේදිකාවේ සිට අලුත් ආණ්ඩුවක් සෑදීමට කතා කරන බවත් ජනාධිපති සජිත් ප්‍රේමදාස පිළිබඳව කලකිරීමක් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

සජිත් ප්‍රේමදාස බැංකු හොරුන් ආරක්ෂා කරගෙන පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ත්‍රස්තවාදීන්ට දේශපාලන රැකවරණ ලබා දෙමින් සිටින බවත් සඳහන් කර සිටි හෙතෙම රිෂාඩ් බදුර්දීන් සහ රවුෆ් හකීම් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කල යුතු බවත් එහු සදහන් කර සිටියේය.

(Lanka Leads)