Tuesday, October 22, 2024
Follow Us
රිෂාඩ් බදූර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් !

තලෛ මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240ක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කර අත්පත් කරගැනීමේ චෝදනා එල්ල වී ඇති අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාගේ සොයුරු රිෆ්කාන් බදූර්දීන් මහතා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇතැයි වාර්තා වේ.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදූර්දීන් මහතා විසින් මෙසේ ඉඩමක් ව්‍යාජ ලෙස ඔප්පු සකසා අත්පත් කරගෙන ඇති බවට 2015 නොවැම්බර් 16 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ අබ්දුල් කාසිම් මොහොමඩ් සලාහි නමැත්තෙකු විසිනි.

මෙම නඩුව ඉවත් කරගන්නා ලෙස රිෆ්කාන් බදූර්දීන්ගේ ආධාරකරුවන් විසින් තම සේවාදායකයාට දුරකථනයෙන් තර්ජනය කර ඇති බව මෝසමක් ගොනු කරමින් පැමිණිල්ලේ නීතීඥයා විසින් ඊයේ (24) අධිකරණයට දැනුම් දී තිබුණු අතර ඒ අනුව, සැකකරු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ.

(LNW)