Sunday, May 11, 2025
Follow Us
පාස්කු වරදකරුවන්ට නීති ක්‍රියාමාර්ග ගන්න අපට බලයක් නැහැ - සුමන්තිරන්

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

නීතිය හා සාමය ක්‍රියාත්මක කරන ආයතනවලට එම බලය ඇති බවයි ඔහු එහිදී පෙන්වාදුන්නේ.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කාර්ය වූයේ රටම කම්පාවට පත් කළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කිරීම හා ඒ බව රටට දැනුවත් කිරීම බව සුමන්තිරන් මහතා කියාසිටියේය.

සිදු වූයේ කුමක්ද යන්න දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති අතර එය තහවුරු කිරීම කාරක සභාවෙන් කර ඇති බව හෙතෙම පැහැදිලි කළේය.

(LNW)