Tuesday, October 22, 2024
Follow Us
සහරාන්ගේ මල්ලි පෞද්ගලික රෝහලකට මාරු කරන්න හකීම්ගේ උදව් – පියල්

බොම්බයක් අත්හදා බැලීමකදී තුවාල ලැබූ සහරාන් හෂීම්ගේ සොහොයුරා පෞද්ගලික රෝහලකින් රජයේ රෝහලක් වෙත මාරු කිරීමට අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සහාය ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවැසීය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

සහරාන්ගේ සොහොයුරාද පසුව කාන්තාන්කුඩියේදි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

“අපි පැහැදිලිවම දන්නවා සහරාන්ගේ මල්ලි කරළියට එන්නේ බෝම්බ පිපිරීම් සිද්ධියක් එක්කයි. බෝම්බ පිපිරීමකදී පෞද්ගලික රෝහලකින් මේ පුද්ගලයා ප‍්‍රතිකාර ගන්නවා. පසුව දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත රජයේ රෝහලකට මාරුකර යවනවා. අද රවුෆ් හකීම් කියන්නේ එවැනි පුද්ගලයෝ මාත් එක්ක ඕන තරම් කතා කරනවා කියලයි. අපි අහන්නේ සහරාන්ගේ මල්ලිට රෝහල් ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා උදව් කිරීමට තරම් හකීම් ඇමැතිවරයාට ඒ අයත් එක්ක පැවැති සම්බන්ධය කුමක්ද කියලයි.”

(Lanka Leads)