Tuesday, October 22, 2024
Follow Us
සහරාන් වැඩකළේ මුස්ලිම් කොංග්‍රසයට – රිෂාම් මරූෆ්

මාධ්‍යට හෙළි කළ වීඩියෝ පටයේ සිටි පුද්ගලයා සහරාන් හෂීම් බවට තමන් දැන නොසිටියේ යැයි රවුෆ් හකීම් අමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යක් බව මුස්ලිම් ප්‍රජාව චෝදනා කරයි.

ඊයේ(21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ වුණි.

එහිදී අදහස් දක්වමින් රිෂාම් මරූෆ් මහතා මේ බව පැවසීය.

“2015 මැතිවරණයට කලින් ගිවිසුමක් ගහගන්නවා. හිස්බුල්ලාට එරෙහිව වැඩ කරන්න. රවුෆ් හකීම්ගේ නියෝජිතයො දෙන්නෙක් යවනවා සහරාන් එක්ක. සහරාන් කියන්නේ කවුද කියලා හැමෝම දන්නවා. සහරාන් කියන්නේ ප්‍රබලයෙක්. ප්‍රබලයෙක් හින්දා තමයි හකීම් එතනට ගියේ.

මුස්ලිම් කොංග්‍රසයට තමයි සහරාලා වැඩකළේ. මාධ්‍ය හමුවෙදි කියනවා සහරාන් නොදන්නා බව කිව්වා‍. NTG එකේ සහාරන් නැතුව ෂාරුක්ඛාන් ඉන්නද? පැහැදිලිවම 2015දී සහරාන් වැඩකළේ මුස්ලිම් කොංග්‍රසයට.“

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවේ වාර්තාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ගේ සාක්ෂිය ලබා නොගන්නේනම් අසම්පූර්ණ වාර්තාවක් වනු ඇති බව එම මාධ්‍ය හමුවට එක්වූ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුස්කරු විශ්‍රාමිික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසා සිටියේය.

(Lanka Leads)